Spread the love

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6වැනි තරගයෙන් ජය ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම ලකුණ 12න් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 217ක් රැස් කළා.

එහිදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් රුතුරාජ් ගායික්වාඩ් පන්දු 31දී ලකුණු 57 රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මාර්ක් වුඩ් සහ රවී බිශ්නෝයි කඩුළු 3 බැගින් බිදහෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 205ක් පමණයි.