Spread the love

2024 ජනාධිපතිවරණයට අදාල නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම් කටයුතු ලබන 03 ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

එය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ලබන 08 වැනිදා ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතිබව පැවසීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 13 වැනිදා වනවිට නොලැබුණේනම් සිය ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට පැමිණ විමසන ලෙස නියෝජ්‍ය තැපැල්පතිවරයා දැනුම් දෙයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 02 වැනිදා තැපෑලට භාර දෙන බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතළිස් දහස් තුන්සිය පනස් හතරක් මුද්‍රණය කිරීම මේවන විට ආරම්භ කර තිබේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන කරා යාමේදී නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යාමෙන් සිය අනන්‍යතාව තහවුරු කර ගැනිමට පහසු වන බව සභාපතිවරයා පැවසීය.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීම මේවන විට යුහුසුළුව ක්‍රියාත්මක බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

ඒ සඳහා අතිරේක පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.