ලංකාවට තායිලන්ත රජයෙන් පරිත්‍යාග කර ඇති අනෙක් අලි දෙදෙනා පිළිබඳවත් තායිලන්ත ජනතාව සැලකිලිමත් වන්නේ නම් තම රටට ගෙන්වා ගන්වා බව තායිලන්ත පරිසර අමාත්‍ය වරාවුත් සිල්පා ආර්චා පවසා සිටිනවා.
වසර 22ක කාලයක් ශ්‍රී ලංකාවේ සිටි මුතු රාජා හස්තියා ඊයේ (02) පැය 5ක ගුවන් ගමනකින් පසු ඉතා සුරක්ෂිතව සිය මව්රට වූ තායිලන්තයට පා තැබුවා.
ශ්‍රී ලංකාවේ නොසැලකිලිමත්කම නිසා මෙම හස්තියා තායිලන්ත රජය විසින් නැවත ගෙන්වා ගනු ලැබුවා.
මුතු රාජා මේ වනවිට තායිලන්තයේ වනඅලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ දින 30ක නිරෝධායනය සඳහා යොමු කර සිටින අතර රුධිර සාම්පල ද ලබාගනිමින් හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.
එමෙන්ම මුතු රාජාගේ පසුපස පාදයේ තුවාලය සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මුතු රාජා හස්තියා සඳහා කරන ප්‍රතිකාරවලින් පසුව නැවත ශ්‍රී ලංකාවට ගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්ත ස්වාභාවික සම්පත් හා පරිසර අමාත්‍යවරයා විදෙස් මාධ්‍ය කළ විමසීමකදී පවසා තිබෙනවා.
