Spread the love

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 15 සිට 17 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

ඉන්දීය ජනාධිපතිනියගේ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වනු ඇත.

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායකගේ පළමු විදෙස් සංචාරය මෙය වන අතර, එහිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බව සඳහන්.

එමෙන්ම, දෙරට අතර ආයෝජන සහ වාණිජ සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, දිල්ලි හි පැවැත්වෙන ව්‍යාපාරික හමුවකට ද ජනාධිපතිවරයා එක්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.