Spread the love

නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, නොවැම්බර් 21 වන දින සවස 3.00ට, 10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරිමට සහ පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන හෙබවීමට ජනාධිපතිවරයාට බලතල හිමිවී ඇති බව සදහන් .

නව ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක ප්‍රකාශයක් ජනාධිපති අනුර කුමාර දිසානාය​ක මෙහිදී පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.