ජනාධිපතිවරණය ආසන්නයේ නැවත ආගම් හා ජාති භේද ඇතිවිය හැකි බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අනතුරු අඟවයි.
වියදම අඩු කිරීමට ඉන් හැකියාව ලැබේ. රථවාහන භාවිතයද අඩු වන අතර, වියදම් අවම කිරීමට එය පිටිවහලකි. රාජ්‍ය සේවයේ කාර්යසාධනය වර්ධනය කළ යුතුය. කාර්යසාධනය මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් සැකසිය යුතු බව ද ඔහු යෝජනා කරයි.
මේ අතර ඔහු කියා සිටින්නේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 ත්, ඔක්තෝබර් 17 ත් අතර අනිවාර්යයෙන් පැවැත්වෙන බවයි. එහිදී ජනතාව රට සංවර්ධන කළ හැකි විශ්වසනීය පුද්ගලයෙකු බලයට පත් කළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
මීට පෙර අවස්ථාවක රණවක මහතා කියාසිටියේ පුළුල් දේශපාලන සන්ධානයක් යෝජනා කළහොත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවයි.
