Spread the love

ජනාධිපතිවරණ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 600ත් 800ත් අතර මුදලක් වැයවනු ඇති බවත්, ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු කළ හැකි බව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනී ලියනගේ සඳහන් කළේ.

මුද්‍රණය සඳහා අදාළ ලිපි ලේඛන ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලැබෙන බවත්, එසේ වුවත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා රාජ්‍ය නිලධාරීන්ගේ සංගණන පත්‍රිකා මේ වන විටත් මුද්‍රණය කර අවසන් බවත් මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළාය..