Spread the love

මැතිවරණ රැළිවලට ගොස්, හොරු අල්ලන බව හෝ හොරකම් නවත්වන බවට බොරු ප්‍රකාශ සිදු නොකර, ජනාධිපතිවරයා රට වෙනුවෙන් සිදුකළ වැඩ ප්‍රකාශ කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසයි.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් අල්ලන ලද හොරකමක් නැති බවද, හොරකම් සිදුකර නොමැති බවද, හොරකම් නවත්වන බවට පවසා, තවදුරටත් ජනතාව රවටා, ජනතාවගේ ආර්ථිකය තවදුරටත් පහළ හෙළිමට කටයුතු නොකරන ලෙස ඉල්ලා සිටින බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

රටේ ජාතික ආරක්ෂාව දැඩි ලෙස පහත වැටී ඇති බවත්, ගෙවල්වලටම පැමිණ ඝාතන සිදු කරන බවත්, පාතාලය රජයන සමාජයක් නිර්මාණය කරමින් පවතින බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ