ජාතික ජන බලවේගය ප්‍රචණ්ඩත්වය කරා කැඳවාගෙන යාමට ආණ්ඩුව උත්සහ දරමින් සිටියද එවැන්නක් කිසිසේත්ම සිදු නොවන්නේ යැයි ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ සියලු උත්සාහයන් පරාජය කරමින් තම පක්ෂය ඉවසීමෙන් යුතුව කටයුතු කරන බව ද බව පැවසීය.
රටට තවත් කිසිදු ඛේදවාචකයක් අවශ්‍ය නැතැයි ද පවසන ඔහු පාලකයන් කුමන කඩාකප්පල්කාරී වැඩ කළත් තම පක්ෂය උපරිම ලෙස එවන් ප්‍රයත්න වැළැක්වීමට උත්සාහ දරන බවද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාළු පිටියක තනියම කඩුවක් කරකවමින් සිටියද එම උගුලට තමන් අසුන බවත් ඔහු කඩුව කරකවාගෙන හති වැටී ඔහුගේම බඩ කපාගන්නා තෙක් ඉවසීමෙන් යුතුව බලා සිටිනා බව ද හෙතෙම කියා සිටියේය.
දිසානායක මහතා මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් දඹුල්ලේ දී පවත්වන ලද ව්‍යාපාරික හමුවක් අමතමිනි.
