Spread the love

ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කරයි.

ඒ අනුව අදාළ විමර්ශනය සිදු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් දී ඇති බවයි වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ.

ජනාධිපති අරමුදල අවභාවිත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ලෙස ඉල්ලා මහජන අරමුදල් සුරැකීමේ නීතිඥවරු සංවිධානය විසින් ඊයේ (23) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා.