Spread the love

මෙවර අලුත් අවුරුද්දේ ජනාධිපති ආර්යාව කැවුම් කොකිස් බදිනවා කිසිවෙකු දැක්කේදැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විමසීය.

ගම්පහ දී පැවති ජාතික ජන බලවේග ජනරැළියක් අමතමින් ඒ මහතා මෙසේ පැවසුවේය.

‘මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඔබ කවුරුවත් දැක්කද ජනාධිපති ආර්යාව අවුරුදු නැකතට කැවුම් බදිනවා කොකිස් බදිනවා. ඉස්සර නං කොහොමද මහා බබා වගේ ඇවිල්ලා කැරකි කැරකි කොකිස් බදිනව කැවුම් බදිනවා. දැන් ඒවා නෑ ඒක තමයි වෙනස. ඒකම මදිද මේ මාස පහට කරපු වෙනස’