ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල යොදා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මෙලෙස සුදානම් වන බවත්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළකාලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුව වී ඇති බවත්, ආරංචි මාර්ග පැවැසුවේය.
