Spread the love

දේශපාලනය තේරෙන කිසිවකුත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ තුළ දේශපාලනය තේෙරන කිසිවකු නැති බවත් එහි සිදුවන්නේ ලිපිගොණු තබාගෙන බොරු චෝදනා කිරීම පමණක් බවද හෙතෙම කියා සිටියි.

ඔවුන්ට පාලන බලය ලැබුණහොත් රට හදන වැඩපිළිවෙල කුමක්දැයි මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නැති බවත් රට හදන්නේ කැට හොලවලාද නැතහොත් සමාගම් වලින් කප්පම් අරගෙනදැයි පැහැදිලි කළ යුතු බවද හෙතෙම ප‍්‍රශ්ණ කරයි.

වැරදිලා හෝ ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ගියහොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 600 ඉක්මවා මිලක් නියම වනු ඇති බවත් කතා කිරීමෙන් අයිතිය පවා අහිමිවනු ඇති බව කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.