Spread the love

නිම්ල් රාජපක්ෂ-

කැළණිය වත්තල ජාඇල යන ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශවල කල සොදිසි මෙහෙයුම් වලදි නිති විරෝධි මත්පැන් ජාවාරම් කරුවන් හා බලපත්‍ර කොන්දේසි කඩකල බලපත්‍ර ලාභීන් කොටුකර රුපියල් හටහත්ලක්ෂ විසිඅටදාස් හත්සිය පනහක දඩ ආදායමක් රජයට ලබාදීමට ජාඇල සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

පසුගිය වසාර් සිදු කළ මෙම වැටලීම් වලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 25 ක් , කසිප්පු ස්ප්‍රිතු ළග තබා ගැනිම් 566 ක්, බලපත්‍ර නොමැතිව රජයේ අනුමත අරක්කු විකිනීම් 3 ක් , ගංජා ළග තබා ගැනිම් 58 ක් , හෙරොයින් ළග තබා ගැනීම් 147 ක්, අයිස් ළග තබා ගැනීම් 196 ක් , මහරා ප්‍රමාණය ඉක්මවා ළග තබා ගැනීම් 1 ක්,බදු නොගෙවු සිගරැට් ළග තබා ගැනීම් 123 ක්, බලපත්‍ර නොමැතිව විදේශීය ම්ත්පැන් ළග තබා ගැනීම් 18 ක්, ඊ සිගරැට් ළග තබා ගැනීම් 5 ක් සමගින් සැකකරුවන් 2906 ක් කොටුකර ගත් බව ජාඇල සුරාබදු ස්ථානාධිපති කලා රසික විජේසිංහ මහතා පවසයි.


අදාල සැකකුරුවන් මහර , වත්තල , අළුත්කඩේ යන මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් 56 83 000/-දඩ මුදලක් අයකරගෙත තිබේ.

අදාල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ තුනෙහි හෝටල් ,ආපනශාලා රටබීම හල් හා කැරෝකි ආපනශාලාවල සිදු කළ සෝදසි මෙහෙයුම් වලදි බලපත්‍ර කොන්දේසි කඩකළ බලපත්‍ර ලාභීන් 150 දෙනෙකු කොටුකර චෝදනාපත්‍ර ලබාදී ඇත. බලපත්‍ර ලාභීන්ගේ පෙරවරදි සලකා බලා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කොට රුපියල් 10 45 750/- ක සමථ ගාස්තුවක් අයකරගෙන ඇත.

ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත, ජාඇල සුරාබදු අධිකාර සන්දිප ජයසංඛ මහතාගේ අධීක්ෂණය යටතේ , ජාඇල සුරාබදු ස්ථානාධිපති කලා රසික විජේසිංහ මහතාගේ මෙහෙයවීමනේ , පරීක්ෂකවරුන්වන පී.ඒ.ඩී .එම්.පී . සුදර්ශන, ජී.ආර්.එස් . වීරසිංහ , සැරයන් වරුන්වන නජිත්සිං. කුමාරසිරි, කෝප්‍රල්වරුන්වන ජයතිලක්, ප්‍රනාන්දු , කුමාර, දේශප්‍රිය, දිසානායක, රොඩ්ර්ගු, රණසිංහ, ඉදුරුගල්ල , ජයමාල් , බණ්ඩාර, පාරමි, කාන්තා කෝප්‍රල් ප්‍රියදර්ශණී යන නිලධාරීහු මෙම වැටලීම් සිදු කළහ.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න