ජාතික රණවිරු සැමරුම් උත්සවය අද පස්වරු 4.30 ට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා .
මෙරට වසර තිහක් මුළුල්ලේ පැවති කුරිරු යුද්ධය අවසන් වී අදට වසර දාහතරක් සපිරෙනවා.
ක්රියාන්විත රාජකාරියේ යෙදුණු සියලුම විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් මෙම උත්සවය උත්කර්ශවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.
විශේෂයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙරට ජනාධිපති වරයා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන ප්රථම රණවිරු සැමරුම් උත්සවය ද මෙය වීම විශේෂත්වයක්
