නිමල් රාජපක්ෂ-
ජුනි මස 30 දින සිට ඡූලි මස 05 දක්වා විශේෂ මදුරු මර්දන සතිය ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කෙරේ.
ඇමතිවරයා මෙසේ පැවසුවේ ඩෙංගු, චිකුන්ගුන්යා, මැලේරියා, බරවා රෝගී තත්ත්වයන් හි වත්මන් තත්ත්වය පිළිබඳ ව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (25) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී ය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර, බරවා මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසංග සේරසිංහ, මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වන ලදි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුව ආරම්භ කරමින් අදහස් දක්වමින් කියා සිටියේ මෙම වර්ෂයේ දී ඩෙංගු රෝගීන් 27,932 ක් වාර්තා වී ඇති බවයි. ඒ අතරින් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රේල් මස ඩෙංගු රෝගීන් 5166 ක් සහ සහ මැයි මස ඩෙංගු රෝගීන් 6034 ක් වශයෙන් බව ද ජුනි මාසයේ අද වන විට ඩෙගු රෝගීන් 4372 ක් වාර්තා වී ඇති බව ද පැවැසී ය. ජනවාරි මස සිට ජුනි මස වන විට ඩෙංගු රෝගය නිසා මරණ 16 ක් වාර්තා වී ඇති බව ද පැවසී ය.
ජනවාරි මස සිට ජුනි මස දක්වා මදුරුවන් බෝවිය හැකි යැයි අනුමාන කරන ස්ථාන 179,026 නිරීක්ෂණය කර ඇති බව ද ඒ අතර, නේවාසික ස්ථාන 167,081 ක්, පාසල් 317 ක්, අනෙකුත් අධ්‍යාපන ආයතන 386 ක්, රජයේ ආයතන 927 ක්, පෞද්ගලික ආයතන 6935 ක්, කර්මාන්ත ශාලා පරිශ්‍ර 231 ක්, ඉදිකිරීම් පරිශ්‍ර 930 ක්, පූජනීය ස්ථාන 657 ක්, පොදු ස්ථාන 320 ක් වන බව ද පැවසී ය. ඒ තුළ නේවාසික පරිශ්‍ර තුළ සියයට 23 ක සහ පාසල් 168 ක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනාගෙන ඇති බවද පෙන්වා දුන් අධ්යක්ෂ ජනරාල්වරයා අනෙකුත් අධ්‍යාපන ආයතන තුළ සියයට 28 ක මෙන්ම පූජනීය ස්ථාන 657 න් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනාගෙන ඇති බව ද ඉදිකිරීම් සහ කර්මාන්ත ශාලා පරික්ෂා කළ ප්‍රමාණය තුළ සියයට 50 ක මදුරුවන් බෝවිය හැකි ස්ථාන හදුනාගෙන ඇති බව ද පෙන්වා දෙන ලදි. පාසල් පරිශ්‍ර තුළ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන 46 ක්, අනෙකුත් රජයේ පරිශ්‍ර වල සියයට 10.1 ක්, පූජනීය ස්ථානවල සියයට 13 ක් වශයෙන් මදුරු කීටයින් හමුව ඇති බව ද පැවසී ය.
එබැවින් සියළු දෙනා එක්ව මදුරුවන් බෝවන ස්ථාන හැකිතාක් දුරට අඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු බව ද, කසළ බැහැර කිරීම ක්‍රමවත්ව සිදු කළ යුතු බව ද පෙන්වා දෙන ලද අතර, මෙම මාධ්‍ය හමුව සහ මදුරු මර්දන සතිය පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් ඉහත කරුණු පෙන්වා දිය හැකි බව ද පැවසී ය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මාධ්‍ය හමුව අමතමින් පැවසූවේ මෝසම් වාර්ෂාව සමග ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීමේ වැඩිවීමක් සහ මරණ අවධානමක් පෙන්නුම් කරන බැවින් ඩෙංගු රෝගය පාලනයට සෑම විටම අවධානය යොමු කළ යුතු බවයි. ඩෙංගු රෝගයට පිළිගත හැකි මට්ටමේ ඖෂධයක්, එන්නතක් නොමැති බවත්, රෝග වාහක මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර මදුරු ගහනය අවම කිරීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව ද පැවසීය. නමුත් වසංගත තත්ත්වයන්ට යා හැකි අවධානම ඇති අවස්ථාවල දී විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කර මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීමට කටයුතු සිදු කෙරෙන බව ද පෙන්වා දෙන ලදි. මදුරු මර්දන සතිය සදහා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, වෙනත් ස්වේච්ඡා සංවිධාන සහ පිරිස් මෙන්ම ජනතාව සහයෝගය ලබාදෙන බව ද පෙන්වා දෙන ලදි. මෙම මදුරු මර්දන සතිය සාර්ථක කර ගැනීමට සියළු දෙනා දායකත්වය ලබාදෙන ලෙස ද ඉල්ලා සිටින ලදි. ඩෙංගු මදුරු පාලනය තුළ ඩෙංගු රෝගය පමණක් නොව චිකුන්ගුන්යා රෝගය ඇතුළු වාහක රෝග රැසක් පාලනය කර ගත හැකි බවත් පැවසී ය.
