දියතලාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ (18) රාත්‍රියේ තම යතුරුපැදියෙන් දියතලාව නරගය වෙත ගිය අවස්ථාවේදී යතුරුපැදිය ගිනි තබා විනාශ කර තිබේ.
එහිදී ඔහු බීමත් ත්‍රීරෝද රථ රියදුරෙකුව අත්අඩංගුවට ගෙන ඇත.පසුව මෙම නිලධාරීයා තම යතුරුපැදිය දියතලාව නගරයේ දමා බීමත් රියදුරන් පදවාගෙන එන ලද ත්‍රීරෝද රථය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් ඇත.
ත්‍රීරෝද රථය පොලිස් ස්ථානයේ දමා මෙම නිලධාරියා යතුරුපැදිය රැගෙන ඒම සඳහා දියතලාව නරගය වෙත ගොස් ඇති අතර එහෙත් යතුරුපැදිය නවතා තිබූ ස්ථානයේ තිබී නැත.
පසුව අදාළ යතුරුපැදිය සම්බන්ධයෙන් සොයාබැලීමක් කර ඇති අතර, එහිදී යතුරුපැදියක් ගල්කන්ද ප්‍රදේශයේ ගිනිගෙන ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි.
පසුව ගිනිගත්යතුරුපැදිය දියතලාව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ බවට අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.