වයස අවුරුදු දහසයක් වූ පාසැල් සිසුවියක් කළුතර ප්රදේශයේ ලැගුම්හලක උඩුමහලින් බිම වැටී මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද ප්රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නම් විසි නව හැවිරිදි පුද්ගලයා අද කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව ඔහු තවදුරටත් පැය 48 ක කාලයක් රඳවාගෙන ප්රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදීමට අධිකරණය තීන්දු කළේය.
