නිමල් රාජපක්ෂ
රුපියල් මිලියන 250 ක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක් දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ විදෙස් ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු මැලේසියානු ජාතිකයෙකු වන අතර ඔහු අබුඩාබි සිට මෙරටට පැමිණ ඇති බවත් ටොපී අස්සේ කොකේන් අසුරා තිබියදී සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් සමත් වී ඇත.
