Spread the love

අපරික්ෂාකාරී ලෙස ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පැදවූ සුරූපී තරුණියන් තිදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත..

ප්‍රථමයෙන් මරදාන ඩීන්ස් පාර ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් තිබූ එම ඩිෆෙන්ඩර් රථය තවත්වන ලෙසට මාර්ග රාජකාරියේ යෙදී සිටි මරදාන පොලීසියට අනුයුක්ත නිලධාරීන් සංඥා කර තිබේ.

නමතු අන නොතැකූ ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කරද්දී වහාම ක්‍රියාත්මක වූ මරදාන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් එම රථය පිළිබඳව පොලිස් මෙහෙයුම් මැදිරිය දැනුවත් කර තිබේ.

ඒ අනුව මරදාන ටෙක්නිකල් මංසන්ධිය ආසන්නයේදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් රථය නවත්වන ලෙසට සංඥා කර ඇත.

එම අණද නොතකා ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර ඇති බව පොලීසිය පවසයි.

පසුව කැළෑ පොළ ආසන්නයේ රැඳී සිටි පොලිස් නිලධාරීන් විසින් එම රථය නවත්වන ලෙසට සංඥා කළ ද එය නොතැකූ තරුණියන් පිරිස ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ධාවනය කර තිබේ.

පොලීසිය රථය පසුපස හඹා ගොස් එය නවතාගැනීමට සමත්වු අතර .නාවල සහ කොළඹ ප්‍රදේශයේ පදිංචි කොළඹ උසස් පාසලක අධ්‍යාපනය ලබන සිසුවියන් පිරිසක් රථයේ ගමන් කොට තිබු බවත් .තරුණියන් පිරිස සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් සිදුව ඇති බවත් අනතුරුව සැකකාර තරුණියන් පිරිස අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.