ජාතික ඩෙංගු මර්දන සතියක්ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ප්‍රකාශයට පත් කර බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා වීරසිංහ මහත්මිය පැවසූවාය.
මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 71ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
ඉදිරි මෝසම් වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීම පාලනය සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 22943 දෙනෙකු වාර්තා වී තිබේ.
ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 09 මියගොස් ඇතිබව වැඩිදුරටත් පැවසුවාය.
