Spread the love

කොළඹ වරායේ සිට අඹේවෙල සත්ව ගොවිපොලක් සදහා තෘණ ප්‍රවාහනය කරමින් තිබු කන්ටෙයිනර් රථයක පිටුපස ටේලරය මාර්ගය හරහා පෙරලිමෙන් නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.

නුවරඑලිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ ලබුකැලේ කුඩාඔය ප්‍රදේශයේදි (10) දින පස්වරු මෙම අනතුර සිදු වි ඇත.

අධික වංගු සහිත එම මාර්ගයේ කන්ටෙයිනර් රථයේ රියදුරා කෙටි වංගුවක් ගැනිමට උත්සහ කිරිමේදි කන්ටෙයිනර් රථයේ පිටුපස ටේලරය මාර්ගය හරහා පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇත.

මාර්ගය හරහා පෙරලි ඇති ටේරලය මාර්ගයෙන් ඉවත් කිරිමට පියවර මේ වන විට පියවර ගෙන ඇති අතර, ටේලරය පෙරලි ඇති ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.