ලක්ෂ 20 කට අලෙවි කිරිමට රැගෙන පැමිණි අන්බර (තල්මසුන්ගේ වමනය) කිලෝ 1 ග්රැම් 270 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසිය පැවසිය.
කෑගල්ල සහ නාවලපිටිය කැටබුලාව ප්රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනා තල්මසුන්ගේ වමනය (අන්බර) කිලෝ 1 ග්රැම් 270 ක් රැගෙන විත් දිඹුල පතන ප්රදේශයේ පුද්ගලයෙකුට රු ලක්ෂ 20 කට අලෙවි කිරිමට සුදානම් කර ඇති බවට දිඹුල පතන පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට ගිය අවස්තාවේ සැකකරුවන් දෙදෙනා පලා ගොස් තේ වත්තේ සැගව සිටියදි දිඹුල පතන පොලිසියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය ලුහුබදින අවස්තාවේ එක් සැකකරුවෙක් සන්කකයේ තිබි අන්බර කිලෝ 1.270 හැටන් කොටගල රෝහල අසල තේ වත්තේ විසි කර දමා තිබියදි පොලිසිය විසින් දැඩි පරිශ්රමයක් දරා සොයාගෙන ඇත.
තල්මසුන්ගේ උදරයේ තැන්පත් වි ඇති මේදය තල්මසුන් විසින් ඇතැම් අවස්තාවල වමනය කරන බවත්, එම වමනය මුහුදු ජලයට මිශ්ර නොවිම හේතුවෙන් ජලය මත පාවෙන අතර , ඒවා ධිවරයන් විසින් එක්රැස් කර ගොඩබිමට රැගෙන විත් අධික මිලකට අලෙවි කරන බව පැවසේ.
අත්අඩංගුවට ගත් අන්බර දැඩි දුගන්ධයක් හමන බවත්, ඒවා අධික ඉහල මිලකින් යුත් සුවද විලවුන් නිෂ්පාදනය කිරිම සදහා භාවිතා කරන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසිය පැවසිය.
