Spread the love

තංගල්ලේ, සීනිමෝදර පිහිටි පැරණි නිවසක් අලුත්වැඩියා කරමින් සිටියදී අද (22) උදෑසන එහි තිබී මළ සිරුරු දෙකක් සොයා ගෙන තිබේ.

එම ස්ථානයට ආසන්නව නවතා තිබූ ලොරි රථයක තිබී කිලෝග්‍රෑම් 200 ඉක්මවන හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇත.

පොලීසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලින් පසුව, මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇත්තේ එම කුඩා ලොරි රථයේ තිබී බවට වාර්තා වේ.

මේ අතර තවත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික ප‍්‍රමාණයක් අද පෙරවරුවේ තංගල්ල ප්‍රදේශයෙන්ම සොයා ගන්නා ලදී.

පොලිසිය පවසන්නේ තංගල්ලේදී අද දිනයේ අත්අඩංගුවට ගත් සමස්ථ මත්ද්‍රව්‍ය තොගය කිලෝග්‍රෑම් 634ක් බවයි.

ලොරි රථ තුනක තිබියදී මේවා අත්අඩංගුවට ගෙන තිබේ.