අනතුරකට ලක්වූවෙකු රෝහල වෙත රැගෙන යමින් සිටි ත්‍රීරෝද රථයක්, අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව කුරුන්දන්කුලම ප්‍රදේශයේ දී ඉදිරියෙන් පැමිණි ඩිමෝ බට්ටා ලොරියක ගැටීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු හා කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
අනතුර සිදු වී ඇත්තේ අද දහවල් වන අතර අනතුරින් මිය ගොස් ඇතතේ මවක හා පුතෙකු බව සදහන්
අනතුරට ලක්වන විට ත්‍රීරෝද රථයේ පස් දෙනෙකු ගමන්කර ඇති අතර, ඔවුන්ද ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පසුපසින් පැමිණි ලොරි රථයේ ද සිව්දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන් කිසිවෙකුට තුවාල සිදුව නොමැත.
ත්‍රීරෝද රථයේ ඉදිරිපස කොටසට පමණක් හානි වි ඇතැයිද පොලීසිය පවසයි.
