Spread the love

ත්‍රීරෝද රථ රියදුරකුගේ උතුම් ක්‍රියාවක් නිසා පැහැරගෙන යමින් සිටි පාසල් සිසුවියක් පැයක් ඇතුලත වෑන් රථය හා සැකකරුවන් හතර දෙනෙකු සමගින් අලදෙණිය පොලිසියට කොටුකර ගැනීමට හැකිවි තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් වෑන් රථයකට දමාගෙන පැහැරගෙන යන අයුරු දැක ඒ පිළිබදව වහාම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට කථා කොට අදාල සිද්ධිය ත්‍රීරෝද රථ රියදුරුකු පවසා තිබේ.
එහිදි වහාම ක්‍රියාත්මක වු පොලිසිය මෙම සැකකරුවන් කොටු කර ගැනීමට සමත්වී ඇත. එම සැකකරුවන් සිව්දෙනා අතර සිටින එක් අයෙකු මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඔහු විවාහකයෙකු බවත්ය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු හමුදා සෙබළෙකු වන එම සැකකරු සිය මිතුරන් සමග වෑන් රථයක් කුලියට ගෙන මෙම පාසල් සිසුවිය පැහැරගැනීම සඳහා පැමිණ තිබේ.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු වන මෙම පාසල් සිසුවියගේ සොහොයුරෙකුගේ නිවසට සැකකාර තරුණයා අවස්ථා කිහිපයකදී පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රේම සම්බන්ධතාවය ඇතිවී තිබේ.

සැකකරු විවාහක අයෙකු බවට අනාවරණය වීමත් සමග මෙම සිසුවිය ඔහුව අතහැර ඇති අතර සැකකරුගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් සිසුවියගේ මව්පියන් ඇයව මෙලෙස කුළුගම්මන ප්‍රදේශයේ නිවසක නතරකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අලදෙණිය පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.