Spread the love

විදේශවල පිහිටි මෙරට තානාපති කාර්යාලවලට කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීමේදී ඔවුන් තොරාගත් ආකාරය නිවැරදිදැයි පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කර බව කම්කරු අමාත්‍යාංශය පවසයි.පසුගිය කාලයේ සිදු කළ එම පත් කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මේ වනවිට ලැබී තිබේ.එම තෝරා ගැනීම් විනිවිදභාවයකින් සිදු නොවූ බව එම අමාත්‍යාංශය පවසයි.ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් රැඳී සිටින මැදපෙරදිග කලාපීය රටවල් ජපානය හා දකුණු කොරියාව වැනි රටවල් ගණනවක පිහිටි තානාපති කාර්යාල සඳහා කම්කරු සුබසාධන නිලධාරීන් පත් කර ඇත්තේ එම රටවල සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ගැටලු විසඳීම සඳහායි.එහෙත් එම නිලධාරීන් පත් කිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට කරුණු වාර්තා වෙයි.අදාළ විමර්ශනයෙන් හෙළිවන කරුණු පදනම් කර ගනිමින් තානාපති කාර්යාලවල සිටින කම්කරු නිලධාරීන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි