අප්‍රේල් 12 වැනිදා රජයේ නිවාඩු දිනයක් වුවත්, එදින රාජකාරි කිරීමට තැපැල් සේවකයන් එකඟතාවය පළකර ඇති බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සඳහන් කරනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අලුත් අවුරුදු සමයට අදාලව මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්‍රමාණය ප්‍රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
රේගු නිලධාරීන්ද මේ සඳහා සහයෝගය ලබාදෙන බවට දැනුම්දී ඇති බව වැඩිදුරටත් සඳහන්.
