Spread the love

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද(16) පස්වරු 4.00 සිට 18 වැනිදා දක්වා පැය 48 ක වර්ජනයක් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩවර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ද තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

තැපැල් දෙපාර්තමේන්තුවේ 7,500ක පමණ සේවක හිඟයක් පවතින අතර ඊට විසදුම් ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය.

අද තැපැල් දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ඇතුළු 7500ක පුරප්පාඩු තියෙනවා. ඒ තුළ දෙපාර්තමේන්තුව අවම මට්ටමින්වත් සේවය සපයාගෙන යාමේ දැඩි අපහසුතාවයක ඉන්නේ. ඇතැම් ප්‍රදේශවල ලිපි බෙදන්නේ දින දෙකකට සැරයයි. අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් දෙන්නේ වැඩවර්ජනය ආරම්භ කිරීමට පැයකට කලින්. කෙසේවෙත්ත අපි සාකච්ඡාවට සහභාගීවෙනවා. සාකච්ඡාවේ තීන්දු තීරණ මත තමයි අපි ආරම්භ කරන වැඩවර්ජනය නතර කරනවාද නැද්ද කියන එක තීන්දු කරන්නේ. 17 සහ 18 දින දෙකේ වැඩ වර්ජනය පැවැත්වෙනවා. 17 සහ 18 මෙම වැඩවර්ජනය ක්‍රියාත්මකවීමෙන් අනතුරුව සාධාරණ සහ මේකට නිසි විසඳුම් ලැබෙන්නේ නැත්නම් අපිට සිදුවෙනවා ඉන් ඔබ්බට ගිහිල්ලා මේ වැඩවර්ජනය තව තියුණු වෘත්තීය ක්‍රියාමාර්ග දක්වා දියත් කරන්න.”යැයිද පැවසුවේය.