Spread the love

තැපෑලේ පවතින දිගුකාලීන ගැටලු විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බැවින්, සියලු තැපැල් සංගම් එක්ව තැපැල් වෘත්තිය සමිති එළඹෙන 18 වැනි දින වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසයි.

සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටලු ඇතුළු ගැටලු ගණනාවක් තැපෑලේ පවතින බවත්, මෙම ගැටලු සම්බන්ධව තැපැල්පතිවරයා සමග ද සාකච්ඡා කළ ද, කිසිදු සාධනීය පියවරක් ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි මංජුල ජයසුන්දර සඳහන් කර සිටියේ.