Spread the love

කිරිඳිවැල, වල්ගම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඊයේ (21) සවස් කාලයේදි ඝාතනයක් සිදු කර ඇත..

එලෙස මියගොස් ඇත්තේ, තිඹිරිගම, කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක ් බව පොලිසිය පවසයි..

එම ඝාතනයට ලක්වූ පුද්ගලයා බදු පදනම මත ලබා ගත් ඉඩමේ සිටි මුරකරු එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සැකපළ කරයි.

සැකකරු ඝාතනය සිදුකර මරණකරුගේ යතුරු පැදිය ද රැගෙන පළා ගොස් ඇත.

ඝාතනය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිරිඳිවැල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.