Spread the love


නිමල් රාජපක්ෂ-

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වු රුපියල් 5.45 000 ක් වටිනා විදේශීය සිගරැට් තොගයක් සමගින් එක් සැකකරුවකු වලස්මුල්ල ප්‍රදේශයේදී තංගල්ල සුරාබදු නිළධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිගරැට්තොගයේ Manchester වර්ගයේ සිගරට් 4000ක් තිබු බව හම්බන්තොට සුරාබදු අධිකාරී නන්දන පෙරේරා මහතා පවසයි

සුරාබදු නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ව්‍යාජ ගැණුම්කරුවකු ලෙස වෙස් වලාගත් සුරාබදු නිලධාරීයකු ගොස් සිගරැට් තොගය මිලදි ගන්නා අවස්ථාවේ සැකකරු සමගින් සිගරැට් තොගය කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වි ඇත.

සිගරැට් ජාවාරමේ මහමොල කුරු වැලිගම ප්‍රදේශයේ සිටින බවට තොරතුරු අනාවරණය විි තිබෙන අතර ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පැවැත්වීමට නියමිතය.

අත්අඩංගුවට ගත් සිගරැට් තොගය සමගින් සැකකරු දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් වරයා වෙත ඉදිරිපත් කොට දඩුවම් පැමිණවීමට නියමිතය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සුමිත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස් මත, හම්බන්තොට සුරාබදු අධිකාරී නන්දන පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ,තංගල්ල සුරාබදු ස්ථානාධිපති නදීෂ් කත්‍රිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් ,තංගල්ල සුරාබදු පරීක්ෂක අමිලතිස්ස, සුරාබදු සැරයන් 692 මාධව පුංචිහේවා, සුරාබදු නියාමකවරුන් වන 1113 ලහිරු දේශප්‍රිය, 1116 භාෂිත පූජන්ත සහ සුරාබදු නියාමක රියදුරු විදුරංග යන නිළධාරීහු මෙම වැටලීම සිදු කළහ.