Spread the love

නිමල් රාජපක්ෂ-

තුර්කි ගුවන් සේවයට අයත් TK 730 දරණ ගුවන් යානයෙන් ඉස්තාන්බුල් හරහා ශ්‍රී ලංකාවට පැමිණි
සියරා ලියොන් ජාතිකයෙකු ගේ උදරයෙන් සගවා තිබු රුපියල් කෝටි දාහක් (1000) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාල සැකකරු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට සියරා ලියොන් සිට ඊයේ උදෑසන ග්‍රීන් චැනලයේ සිටි මගියෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රේගු ප්‍රදේශයේ ඇති බඳ ස්කෑනර් යන්ත්‍රය මගින් සැකකරු පරීක්ෂාවට ලක් කළ නිලධාරින්, මගියා පෞද්ගලිකව මත්ද්‍රව්‍ය සඟවා ගෙන ඇති බව හඳුනාගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරු සැකකරු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට මත්කුඩු අඩංගු බවට සැක කෙරෙන ගුලි 17ක් සොයා ගෙන තිබේ.

සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ තම බඩේ තවත් පෙති තිබෙන බවයි.

සොයාගත් පෙති තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර තිබේ.