Spread the love

මුල්කිරිගල ගුණරත්න

මත්තල ප්‍රදේශයේ වගා ඉඩමක් රැක බලාගත් පුද්ගලයෙකු ලග තිබී විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක් පෙරේදා (13) රාත්‍රි අත් අඩංගුවට ගත්බව මත්තල පොලිසිය පවසයි .

මෙම ගිණිඅවිය සොයාගත් වගා ඉඩම බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට අයත් බව පොලිසිය පැවසීය . ගිණිඅවිය ලග තබා ගැනීමට බලපත්‍ර නොතිබූ බවද පොලිසිය කීවේය . ගිණි අවිය සමග අත් අඩංගුවට ගත් සැකකරු අම්පාර ,උහන ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පැවසීය .

සැකකරු (14) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය . තංගල්ල කොට්ඨාස භාර ජෙය්‍ය්ෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි මත්තල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .