මුල්කිරිගල ගුණරත්න
බෙහෙත් කොටන තුවක්කු දෙකක් ළඟ තබාගත් පුද්ගලයෙකු පෙරෙදා (22) මිද්දෙනිය හෙල්ලල ප්‍රදේශයකදී මිද්දෙනිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
. අත් අඩංගුවට ගත් සැකකරු මිද්දෙනිය ,හෙල්ලල ,මල්ගහවත්තේ පදිංචි 47හැවිරිදි ගස්ලබු ගොවියෙකි .
සැකකරු ගස් ලබු වගාකර තිබූ ඉඩමක සගවා තිබියදී මෙම ගිණිඅවි දෙක සොයාගත් බව පොලිසිය පැවසීය .
සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
. මිද්දෙනිය පොලිසිය සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වයි .
