Spread the love

නිමල් රාජපක්ෂ-

ටවර් හෝල් රඟහල පදනමේ, ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ, දෙවර්ෂ පූර්ණ කාලීන, නාට්‍ය රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ, අධ්‍යයන වර්ෂ 2020/21 හි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ දී අනුස්මරණ පදක්කම් දිනාගනු ලැබූ ශිෂ්‍යාවන් සඳහා රුපියල් 50,000/- බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් ටවර් හෝල් රඟහල පදනම ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධිය හැදෑරීම සඳහා රු. 50,000/- බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද මෙහිදි සිදු කෙරිණ.,
සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර අනුස්මරණ පදක්කම දිනාගනු ලැබූ සිතුම් විහාරා, නීතිඥ ජෝන් ද සිල්වා අනුස්මරණ පදක්කම හිමිකරගනු ලැබූ ගීතානි භාග්‍යා අමරසිංහ, නීතිඥ චාල්ස් ඩයස් අනුස්මරණ පදක්කම දිනාගනු ලැබූ දුලංජලී පවිත්‍රා ද සිල්වා, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ පදක්කම හිමිකරගනු ලැබූ චමෝදි ජයනන්දිමා සචිනි ප්‍රේමරත්න හා 2020/21 අධ්‍යයන වර්ෂයේ දක්ෂතම විද්‍යාර්ථයාට හිමි පදක්කම දිනාගනු ලැබූ නතාෂා ගයත්‍රී යන සිසුවියන් පස්දෙනා වෙත අමාත්‍යවරයා මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කළේ ය.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් (සංවර්ධන), කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්ම මහත්මිහු සහ නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.