දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර අද (22) රාත්‍රියේගාල්ල සිට කොළඹ දක්වා පොත් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයේ පෙරළී ගොස් සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.
අනතුර හේතුවෙන් මේ වනවිට කොළඹ දෙසට එක් මංතීරුවක් අවහිර වී ඇතැයි පොලීසිය පවසයි.
මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ දොඩංගොඩ සහ ගැලනිගම අතර රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව ද වාර්තා වේ.
