Spread the love

දඩයම්කරුවෙක් විසින් අටවා තිබූ මන්දකට කදුකර කොටියෙකු (27) දින හසු වී ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ටිල්කුල්ටි වතුයායේ තේ වත්තක අටවා තිබූ කම්බි මන්දකට කදුකර කොටියාගේ පසුප පාදය හසු වි ඇති බවත්, එම කොටියා නිර්වින්දනය කර මුදා ගැනීම සදහා පශු වෛද්‍යවරයෙකුගේ සහයෝගය ඉල්ලා ඇති බවයි නුවරඑලිය වනජිවි කාර්යාලය කියා සිටියේ.

හොදින් වැඩුණු කදුකර කොටියා මන්ද ගලවා ගෙන පලා යෑමට දැඩි උත්සහයක නිරත වෙන අයුරු එම වත්තේ වැඩ කිරිමට ගිය වතු කම්කරුවෙකුගේ කැමරාවේ සටහන් වී තිබුණි.

එම කම්කරුවා විසින් කදුකර කොටියෙකු මන්දකට අසු වී ඇති බව ලිදුල පොලිසිය වෙත දැනුම් දී ඇත