2025 වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන වෙසක් දන්සැල් මැයි මස 09 වැනිදාට පෙර ලියාපදිංචි කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඒ අනුව බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන සියලුම දන්සැල් තමන්ට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම තිබෙන මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලවලින් ලබා හැකි බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ.
දන්සැල් පැවැත්වෙන කාල සීමාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000ක් විසින් දන්සැල්, ආහාර අලෙවිසැල්, හෝටල් හා ජංගම ආහාර අලෙවිසැල් පරීක්ෂා කිරීමට යොදවන බවයි එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
