දඹුල්ල රාජමහා විහාරලෙන් විහාර දෙකක් තුල අති නවීන ආලොක පද්දතියකින් ආලෝක කිරිම ඊයේ දින අස්ගිරි පාර්ෂවයේ මහා නායක වරකාගොඩ ඥාණරතනාභිධාන නායක නාහිමියන්ගේ සුරතින් හා මල්වතු මහා විහාරයේ අනුනායක හිමියන්ගේ හා දඹුල්ල රාජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහියන්ද හා දඹුල්ල රාජමහා විහාරයේ භාරකාර අඔගස්වැවේ රාහුල නාහිමියන් ගේ වැඩම වීමෙන් සිදු කෙරින.
අනුරාධපුර රාජධානිය කරගත් වලගම්බා හෙවත් වට්ඨගාමිණි අභයතිස්ස රජු දවස ඉදිකල දඹුල්ල රාජමහා විහාරය මෙරට ඇති ලොකුම ලෙන් විහාරයයි ඒහි අති පිලිම හා සිතුවම් ලෝකයා මවිත කරණ අති සුන්දර සිතුවම් වේ
මෙහි ලෙන් විමාර 05ක් ඇති අතර බුද්ධ ප්‍රථිමා 153 කි. සම්පුර්ණ ගුහාවන් විවිධ ප්‍රමාණයේ චිත්රවලින් අලංකාරවත්ව ඇත. මෙම රංගිරි දඹුල්ල රජමහ විහාරයේ ලෙන් විහාර කොටස 1991 වසරේ මෙය ලෝක උරුම අඩවියක් ලෙස ප්‍රකාශට පත්කෙරිනි.
මෙම විහාරය ඇතුලත ශ්‍රී ලාංකික රජවරුන් 3 දෙනෙකුගේ පිළිමද නෙලා ඇත. (ඒ් වලගම්බා රජු නිශ්ශංක මල්ල රජු හා ශ්‍රි වික්‍රම රාජසිංහ රජවරුන්ගේ බව පැවසේ ) ඊට අමතරව හා දේවතා සහ දේවිතාවන්ගේ පිළිම 4ක්ද මෙහි වෙති.
මෙම දඹුල්ල ලෙන් විහාරය මේවන විට පුරාවිද්‍යා දෙපාර්ථ මෙන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධික්ෂනය යටතේ සංරක්ෂණය වෙන විහාරයකි
දඹුල්ල රාජමහා විහාරයේ වත්මන් විහාරාධිපති අස්ගිරි විහාරවාසි රාජකිය පණ්ඪිත ආචාර්ය ගොඩගම මංගල නාහිමියන්ගේ අවසරයෙන් ඒහි බාර කාර අඔගස්වැවේ රාහුල නායහිමියන්ගේ මගපෙන්විම මත දෙස් විදෙස් සංචාරකයින්ට පහසුවෙන් පිලිම හා චිත්‍ර දැක බලා ගැනිම සදහා යුනෙෂ්කෝ අනුමැතියමත නවින ආලොක පද්දතියක් සවිකිරිම විහාර අරමුදලින් සිදු කොට ඇත.
මුල් අධියර යටතේ ලෙන් විහාර දෙකක ආලොක පද්දිතිය සම්පුර්ණ කොට ඇති අතර ඉතිරි කොටස් නොදුරේදිම සිදු කිරිමට නියමිත බව විහාරාධිපති නාහිමියන් පැවසීය.
මේ පිලිබදව අදහස් දැක්වු මධ්‍යම සංස්කෘතික අරමුදලේ දඹුල්ල බිතුසිතුම්කෞතුගාරයේ කෞතුගර පාලක ප්රවිණ චිත්රසංරක්ෂක අජිත් ජයසුන්දර මහතා පැවසුවේ දෙස් විදෙස් සංචාරකයින් දඹුල්ල නැරබිමට පැමිණ විදුලි ආලෝකය නැතිව දැඩි අපහසු තාවයට පත්වන බවත් ඒය අවම කිරිම සදහා මෙම විදුලි ආලෝක පද්දතිය නිර්මාණය කල බවයි. ඒ් යුනෙස්කෝ අරමුදලේ උපදෙස් මගපෙන්වීම මත ලක්ස්50 ( ආලොකයේ තිව්රතාව මැනිම ලක්ස් මගින් සිදුකරයි) ආලෝක තිව්රතාවයකින් යුතු අතිශුක්ෂම ආලොක පද්දතියක් සවිකරිි සිදුකල බවද පැවසීය.
මේ අවස්ථාවට දඹුල්ල රාජ මහාරයේ අධිපති විහාර 4 නියෝජනය කරමින් ඒම විහාරයන්හි විහාරාධිපති නායක හිමිවරු හා මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරා විද්‍යා දෙපාර්ත මෙන්තු නිලධාරින් සමග බොදුණු ජනතාවට පැමිණ සිටියහ.
