Spread the love

12 හැවිරිදි සිසුවෙකු දුෂණය කිරීමේ චෝදනා මත අමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ පාසලක ගුරුවරියක්ව එරට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය සිව්වන ශ්‍රේණියේ ළමුන් සඳහා ඉගැන්වීම් කටයුතු කළ ගුරුවරියක් බව සඳහන් වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි දෙදරු මවක් වන ඇලිසා මැක්කොමන් නම් කාන්තාවයි.

පසුගිය සිකුරාදා ඇයව, ඇයගේ නිවසේ දී අත්අඩංගුවට ගත් අතර පසුව බන්ධනාගාර ගත කර ඇත. 

කෙසේ වෙතත් ඇය වරදකාරිය වුවහොත් වසර 25ක සිර දඬුවම්වලට මුහුණදීමට සිදුවිය හැකි බව එරට ආරක්ෂ නිලධාරීන් පවසා තිබේ.

ඇය මෙම සිසුවාව දුෂණයට ලක් කර ඇත්තේ‍ 2021 වසරේ දී බව සඳහන් වේ.

අදාළ ගුරුවරිය විසින් ඇයගේ නිරුවත් ඡායාරූප යවා තවත් සිසුන් කිහිපදෙනෙකුව ද ලිංගික ක්‍රියාවන් සඳහා පොළඹවා ගැනීමට උත්සාහ කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

එල්ල වූ චෝදනා අතරින් සිසුන් වෙත නිරුවත් ඡායාරූප යැවූ බව ගුරුවරිය පිළිගෙන ඇති නමුත් 12 හැවිරිදි සිසුවා දූෂණය කිරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.