දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ‘සමාජ බුද්ධි ඒකකයක්’ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.
ඒ අනුව සියලුම පාසල්වල සහයෝගය ඇතිව “සමාජ බුද්ධි ඒකකයක්” පිහිටුවීමට අදහස් කර ඇති බවත් එය තවමත් මූලික මට්ටමේ සාකච්ඡාවල පවතින බවත් උත්සවයක් අමතමින් රාජ්‍ය අමාත්‍යරයා සඳහන් කළා.
ජාතික ශිෂ්‍ය භට බලකායට ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ කාලීන අවශ්‍යතාවය මෙන්ම දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලටද එය පුළුල් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය
