Spread the love

බගවන්තලාව ප්‍රදේශයේ දස හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේ වැසිකිලිය තුල දි රෙදි පටියකින් ගෙල වැලලා ගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

එලෙස මිය ගොස් ඇත්තේ ඕල්ඩි දමිල මහා විද්‍යාලයේ 5 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි මහෙෂ්වරන් ශාන්ත රුබන් නැමති පාසල් සිසුවෙක් වන බවයි බගවන්තලාව පොලිසිය පවසා සිටියේ.

නිවසේ සෙල්ලම් කරමින් සිටි පාසල් සිසුවා වැසිකිලිය වෙත ගොස් ලී දඬුවක් වැසිකිලියේ කවුළුවේ රදවා රෙදි කැබැල්ලක් එහි ගැට ගසා එල්ලිමෙන් සිය දිවි හානි කරගෙන ඇති බවට සැකකරන බවයි පවසන්නේ.

මියගිය සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු වැඩිදුර පරික්ෂණය පවත්වන බව ද වාර්තා වේ.