ලැඟුම්හලක වසා ඇති කාමරයකින් හමු වූ දියණියකගේ මෘත ශරීරය සහ සිහිසුන්ව සිටි කාන්තාව සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට කෝපායි පොලීසිය සමත් වී තිබෙනවා.
මියගිය දැරිය අවුරුදු 12ක් වූ පල්ලිය පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි සඳහන් වෙන්නේ.
කෝපායි ප්‍රදේශයේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලක කාමරයක් තුළින් දුඟදක් හමා එන බවට එහි සේවකයෙකු විසින් දැනුම්දුන් තොරතුරකට අනුවයි කෝපායි පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ.
එහිදී දින කිහිපයට පෙර මියගිය දියණියකගේ සහ සිහිසුන් වූ කාන්තාවකගේ සිරුරක් සොයා ගත් අතර එම කාන්තාව ගිලන් රථයකින් යාපනය රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
සිදුවීම පිළිබඳව විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ මියගිය දැරිය මෙම කාන්තාවගේ දියණියගේ පළමු විවාහයේ දැරිය බවයි.
මොවුන් දෙදෙනා පසුගිය 09 වැනිදා මෙම ලැඟුම්හල වෙත පැමිණ ඇති අතර කාන්තාව විසින් ඉන්සියුලින් එන්නතක් ලබා දී,නිදිපෙති 10ක් ලබා දී මෙම දැරිය ඝාතනය කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂනය සිදුකර දැරියගේ පියා වෙත භාර දී තිබෙනවා.
අපරාධයට සම්බන්ධ වයස අවුරුදු 63ක් වන කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් ආරක්ෂාව යටතේ යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
