Spread the love

හැටන් දික්ඔය නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (26) දින හැටන් දික්ඔය නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.

එම මහ නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගය යටතේ සභාවට තේරිපත් වූ සුරේන්ද්‍ර ආරච්චිගේ අසෝක කරුණාරත්න මහතා විවෘත ඡන්ද 08ක් ලබා ගනිමින් තේරී පත් වු අතර, එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ පෙරුමාල් සුරෙන්ද්‍රන් මහතා විවෘත ඡන්ද 08ක් ලබා ගනිමින් තේරි පත්විය.

සමගි ජන බගවේගයෙන් සභාපතිධූරයට තරග කල අලගමුත්තු නන්දකුමාර් මහතා විවෘත ඡන්ද 07ක් සහ එම පක්ෂයේම සභාපතිධූරටයට තරග වැදුනු සෙල්ලයියා යෝගේෂ්වරම් ඡන්ද 07ක් ලබා ගනු ලැබුවා.