දීඝ දන්තු මෙන්ම දිග දළ යුගලක් සහිත ඇතෙකු එප්පාවල එළිය දිවුල්වැව ප්‍රදේශයේදී අද (05) උදෑසන එප්පාවල- තලාව මාර්ගය හරහා ගමන් කරන අයුරු ප්‍රදේශයේ තරුණයකුගේ ජංගම දුරකථනයේ සටහන් වී තිබිණි.
ඉතා හොදින් හැදුණු ශරීරයකින් හා දිගු දළ යුගලයක් මෙම ඇතාට හිමි අතර, එම ඇතා එප්පාවල එළියදිවුල්වැව සිට ඊට එපිටින් ඇති රජයේ තෙක්ක රක්ෂිතයට කෙත්වතු හරහා ඇතුලු වී ඇත.
පසුගිය කාළයේ මේ අයුරින් දැකුම්කලු ඇත් රාජයින්ට අවාසනාවන්ත ලෙස මරණය හිමි වූයේ අදාළ බළධාරීන් නිළධාරීන්ගේද නිසි අධික්ෂණයක් නොමැතිකමින් වන නිසා මෙම ඇතාටද එම සෝචනීය ඉරණම අත්නොවන්නට වග බලා ගන්නා ලෙස බළධාරින්ගෙන් ඉල්ලා සිටිමු.
