Spread the love

‍දින 05ක දීර්ඝ නිවාඩුවකින් පසුව සියලු බැංකු අද (04) සිට විවෘත කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ගනුදෙනුකරුවන්ට සාමාන්‍ය පරිදි බැංකු වෙතින් සේවය ලබාදීමට නියමිතය.

එමෙන්ම දින 05කට පසුව කොටස් වෙළෙඳපොළ ද අද සිට ක්‍රියාත්මක වේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගිය සිකුරාදා විශේෂිත බැංකු නිවාඩුවත් සමඟ බැංකු සහ කොටස් වෙළෙඳපොළ පසුගිය බ්‍රහස්පතින්දා සිට වසා තැබුණි.