Spread the love

 නිමල් රාජපක්ෂ

මාතර, මිරිස්ස මුහුදේ දියේ ගිලෙමින් සිටි විදේශීය සංචාරකයින් සිව්දෙනෙකු (04) එම වෙරළ ප්‍රදේශයේ ජීවිතාරක්‍ෂක රාජකාරී නියුතු ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජීවිතාරක්‍ෂක කණ්ඩායමක්  විසින් නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය. 

ඒ අනුව, විදේශිය සංචාරකයින්  පිරිසක් මිරිස්ස මුහුදේ දිය නාමින් සිටින අතරතුර, ඉන් සිව්දෙනෙකු (04) දියේ ගිලෙමින් සිටින බවට එම වෙරළ තීරයේ රාජකාරී නියුතු ජීවිතාරක්‍ෂක නාවිකයින් විසින් නිරීක්‍ෂණය කර, ක්‍ෂණිකව ක්‍රියාත්මක වී එම පිරිස  මෙලෙස නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කෙරිණි. 

තවද, මෙලෙස බේරාගත් විදේශිකයින්   වයස අවුරුදු 13ත් 55ත්   අතර වයසේ පසුවන  රුසියානු ජාතික කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් ‍දෙදෙනෙකු බවට හඳුනා ගෙන ඇත.