Spread the love

නිමල් රාජපක්ෂ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් පැරා තරගාවලියේදී (Asian Youth Para Games) සිරිසේනගේ දිල්මිණී උදුම්බරා ගමගේ ක්‍රීඩිකාව කවපෙත්ත විසිකිරීම සහ යගුලිය විසි කිරීම යන තරග ඉසව් දෙක න් රන් පදක්කම් දෙකක් ජයග්‍රණය කර ලක්මව රනින් සැරසීමට සමත් වුවාය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හීදී පැවැත්වෙන තුන්වන ආසියානු යොවුන් පැරා තරගාවලිය (Asian Youth Para Games) නොවැම්බර් 10 වනදා ආරම්භ වූ අතර විරුජ සෙනිල රත්නවර්ධන ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2025 දෙසැම්බර් මස 07 වෙනිදා මෙරටින් පිටත් විය.

මෙම කණ්ඩායම විවිධ ආබාධිත කාණ්ඩ යටතේ වූ මලල ක්‍රීඩා (පිරිමි 3/කාන්තා 1), මේස පන්දු (පිරිමි 2) හා බැඩ්මින්ටන් (පිරිමි 2) යනාදි වශයෙන් තරග වැදිනී.

මෙවර AYPG තරගාවලිය සඳහා ආසියානු රටවල් 35කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.

මෙඅර තරගාවලිය සඳහා (Para Archery, Para Arm Wrestling, Para Athletics, Para Badminton, Boccia, Goal ball, Para Powerlifting, Para Swimming, Para Table Tennis, Para Taekwondo & Wheelchair Basketball) ආදී වශයෙන් තරග ඉසව් 11ක් පැවැත්වීය.