දිවයිනේ වෙරළබඩ දිස්ත්‍රික්ක 04ක් ආවරණය වන පරිදි අද (05) සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට නියමිතයි.
ඒ, ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනයට සමගාමීවයි.
2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා ඇතිවූ සුනාමියෙන් ලොව පුරා 232,000ක පමණ පිරිසකට දිවි අහිමිවූ අතර, මෙරට පුද්ගලයින් 35,322ක් එහිදී මියගියා.
අතුරුදන් වූ සංඛ්‍යාව 5,000කට අධිකයි.
අද පැවැත්වෙන පෙරහුරුව මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනු ඇති.
